25.5 C
Galle

ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුට කොරෝනා. ඉන්දීය සංචාරයට බාධාවක් නෑ

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔහු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඊයේ (07) දිනයේ පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඉන් තහවරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිත බවයි. මේ අනුව එංගලන්ත සංචාරය අවසන්කර ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සහ කාර්ය මණ්ඩලය මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබේ.

මීට ඉහත වාර්තා වූයේ ශ්‍රී ලංකාව සමඟ තරඟ වැදුණු එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු සහ පුහුණු කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ද කොරෝනා ආසාදිත බවයි.

නැවත දැනුම්දෙන තුරු ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට සිය හෝටල් කාමර වලින් පිටතට නොයන ලෙස උපදෙස් ලබා දී ඇති බවත් ඉන්දීය සංචාරය සැළසුම් කළ පරිදි පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Related articles

Recent articles

error: Content is protected !!