24.8 C
Galle

දඹුල්ලේ පුහුණු තරඟයකට ගිය ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයකුට කොරෝනා

Published:

පීසීආර් පරීක්ෂණයක් සිදුකර සිටිය දී එහි ප්‍රතිඵල ලැබීමට පෙර දඹුල්ලේ තරඟයකට සහභාගීවීමට ගිය වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබේ.

මේ හේතුවෙන් ඔහු සමඟ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සංචිතයම නිරෝධායනයට යොමු කර ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සියලු ක්‍රීඩකයන්ට හෙට යළි පීසීආර් පරීක්ෂණ සිදුකරන බවයි. ඔවුන් සියලු දෙනාට ම කොවිඩ් මර්ධන එන්නත ලබාදී ඇති බැවින් පීසීආර් පරීක්ෂණ වාර්තා සෘණාත්මක නම් ගැටලුවක් ඇති නොවන බවයි.

දඹුල්ලේ අද පැවැති පුහුණු තරඟයට සහභාගීවීම සඳහා සඳුන් වීරක්කොඩි ඇතුළු ක්‍රීඩකයන් 05 දෙනෙක් දඹුල්ලට ගොස් සිටියහ. වර්ෂාව හේතුවෙන් තරඟය ආරම්භය ප්‍රමාදවී තිබූ අතරතුර මෙම පීසීආර් වාාර්තා ලැබී තිබිණි. ඒ අනුව එම ක්‍රීඩකයන් තරඟයට සහභාගී වීම නවතා සඳුන් වීරක්කොඩි ගිලන් රථයකින් ගෙන ගොස් ඇති අතර අනෙක් ක්‍රීඩකන් ඔවුන් ගිය බස් රථයෙන් ම යළි කොළඹට එවා ඇත.

එම ක්‍රීඩකයන් වන්නේ අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, චතුරංග ද සිල්වා බව වාර්තා වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!