24.8 C
Galle

ඉන්දියාව පළමු තරඟය පහසුවෙන් ජය ගනී

Published:

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැති පළමු එක්දින තරඟය කඩුළු 07කින් ජයගැනීමට ඉන්දීය කන්ඩායම සමත්විය. ඔවුන් 263ක් වූ තම ඉලක්කය සපුරාගත්තේ පන්දුවාර 36.4ක දී ය.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තේය.

හොඳ තුන්ඉරියව් ක්‍රීඩකයකු වන බව ප්‍රකට කරමින් සිටින චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක් රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී යුවේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදව් සහ දීපාක් චහාර් කඩුලු 2ක බැගින් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 4ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. 

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ඉෂාන් කිෂාන් ලකුණු 59ක් රැස්කළේය.  

ප්‍රිත්වි ෂෝ පන්දු 24 මුහුණදෙමින් ලකුණු 43ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 49කට කඩුලු 2ක් දවාගත් අතර ලක්ෂාන් සඳකැන් එක් කඩුලක් දවා ගත්තේය.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

Related articles

Recent articles

error: Content is protected !!