25 C
Galle

මත්පැන් මිල වැඩිවෙන හැටි මෙන්න

Published:

අයවැය යෝජනා අනුව මිලි ලීටර 750 මත්පැන් බෝතලයක් සඳහා වූ බදු මුදල රුපියල් 96.00 සිට 126.00 දක්වා වැඩිවෙනු ඇතැයි පැවසේ.

ඒ අනුව මිලි ලීටර 750ක දේශීය මත්පැන් බෝතලයක් සඳහා අයකරන බදු මුදල රුපියල් 96.00 සිට 103.00 දක්වාත් මෙරට නිෂ්පාදනය කරන විදේශීය මත්පැන් බෝතලයක් සඳහා අයකරන බදු මුදල රුපියල් 126.00 දක්වාත් වැඩි වීමට නියමිතය.

මිලි ලීටර් 330 සැර 5% ට අඩු බීර කෑන් එකක් සඳහා රුපියල් 3.00 ක නව බද්දක් ද, සැර සියයට 5% ට වැඩි බීර කෑන් එකක් සඳහා රුපියල් 15.00 ක නව බද්දක් ද අයකරනු ඇති බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ බදු මුදල මෙසේ වැඩි වුව ද මත්පැන් මිල මීට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති බවයි. නිෂ්පාදන වියදම් ද ඊට එකතුවීම එලෙස වැඩි මුදලකින් මිල ඉහළයාමට හේතුවක් බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

සිගරැට් මිල ද ඊයේ ඉදිරිපත් කළ අයවැයෙන් රුපියල් 5.00ක මුදලකින් ඉහළ දැමීමට ක්‍රියා කර තිබේ. කෙසේ වෙතත් මත්පැන් හා සිගරැට්වල මිල මෙතෙක් නිවේදනය කර නැත.

Related articles

Recent articles

error: Content is protected !!