26 C
Galle

මෙරට දරුවන් අතර පැතිරයන රෝගයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Published:

දරුවන්ගේ අත්, පා සහ මුඛයේ තුවාලත්, උණත් ඇතිකරන වෛරස් රෝගයක්  මේ දිනවල ශ්‍රී ලංකාවේ ළමුන් අතර සීඝ්‍රයෙන් පැතිරයමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම රෝගය Hand Foot and Mouth Disease ලෙස හැඳින්වේ. Coxsackie A සහ enterovirus 71 නමැති වෛරස් මේ රෝගය ඇති කරයි.

අත්වල, යටිපතුලේ සහ පාදවල මෙන්ම මුඛය ඇතුළේ සහ මුහුණේ ද ඇතිවන රතු හෝ සුදු පැහැති බිබිළි, අධික හිසරදය සහ උණ මෙම රෝගයේ ලක්ෂණ වෙයි.

ඉතාමත් පහසුවෙන් ළමුන්ගෙන් ළමුන්ට බෝවන මේ රෝගය කලාතුරකින් වැඩිහිටියන්ට ද වැ‍ළඳෙන අවස්ථා තිබේ. එක්වරක් වැළඳුන විට ප්‍රතිශක්තියක් හට නොගන්නා බැවින් නැවත නැවතත් එම රෝගය වැළඳීමේ අවස්ථාව ඇති බව ද වෛද්‍යවරු කියයි.

නිශ්චිත ප්‍රතිකාරයක් ද නැත. රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සිදුකරයි. වයස අවුරුදු 6-12ත් අතර දරුවන්ට මෙම රෝගය හටගන්නා අතර කලාතුරකින් නියපොතු ගැලවී යන තත්වයක් ද වාර්තා වී ඇත. මුඛයේ හටගන්නා තුවාල හේතුවෙන් කෑම අරුචියක් සහ අසහනකාරී තත්වයක් ඇති වෙයි. ඇතැම් අයට මේ බිබිලි කැසීම ද සිදුවන බැවින් වේදනාකාරී වේ. දින 04කින් පමණ රෝගය සුවවෙයි.

මේ වනවිට රටවල් කිහිපයකින් වාර්තාවන මන්කිෆොක්ස් ලෙස මෙය වරදවා වටහාගත යුතු නැැතැයි ද විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!