ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වී ගිය කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී පක්ෂය යළි ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට රාජ්‍ය බලය ඇල්ලීමේ සූදානමක් පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් හෙළිදරව් කළේය.
ඔහු මේ හෙළිදරව්ව සිදුකළේ මීමැස්සෝ නමැති යූ ටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඔහු පවසන්නේ අරගලයකින් බලය ඇල්ලීමට සූදානම් බවයි.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා අරගලය වෙනුවෙන් එකට එක්වනු දැකීම සමාජය තුළ ප්‍රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ පැතුම සහ ඉල්ලීම වී ඇති බවද ඔහු මෙම සාකච්ඡාව අතරතු සඳහන් කළේය.
දේශපාලන බලය අත් කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රම සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර මත ගැටුමක් පවතින බව පවසන කුමාර් ගුණරත්නම් රටේ වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් ජනතා අරගලයක් හරහා බලය ලබාගැනීම පිළිබඳ විශ්වාසයෙන් පසුවන බවද පවසයි.
පසුගිය මැයි 09 වැනි දා ගෝල්ෆේස් අරගලයට එල්ල කළ කුරිරු ප්‍රහාරය ආණ්ඩුවේ අනුදැනුම මත ක්‍රියාත්මක කරන ලද්දක් බව ද කුමාර් ගුණරත්නම් චෝදනා කරයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පසුගිය දා යූටියුබ් නාලිකාවක් හමුවේ දැක්වූ අදහස් පිළිබඳ මේ සාකච්ඡාව අතරතුර මාධ්‍යවේදියා විසින් ප්‍රශ්න කළ විට කුමාර් ගුණරත්නම් පවසන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ ක්‍රිියාත්මක වන සංවිධානයක් නොවන බවයි.


