26 C
Galle

ඇමෙරිකාවේ පැය 24ට රෝගීන් ලක්ෂය පනී

Published:

ඇමරිකාවෙන් පසුගිය පැය 24 තුළ ඇමරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා රෝගීන් 100,233ක් වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.මෙය ගෝලීය වසංගතය පිළිබඳ ලෝක වාර්තාවක් බවද ඔවුහු පවසති.මින්පෙර වැඩිම දෛනික ආසාදන වාර්තා කළේ ඉන්දියාවයි. ඒ පසුගිය සැප්තැම්බර් 17වනදා රෝගීන් 97,894ක් වාර්තා කරමිනි. බ්‍රහස්පතින්දා (29) ඇමරිකාවෙන් කොරෝනා රෝගීන් 91,000ක් වාර්තා විය.පසුගිය දින දෙක තුළ වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව සලකා බැලීමේදී ඇමරිකාවෙන් සෑම තත්පරයකටම එක් රෝගියෙකුට වඩා වාර්තා වන බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.මේ වනවිට ඇමරිකාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9,318,653ක් වන අතර රෝගය හේතුවෙන් 235,182කට වැඩි පිරිසක් මියගොස් තිබේ.කොරෝනා රෝගයෙන් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් 3%ක් පමණ වේ.ඔහියෝ, මිචිගන්, උතුරු කැරොලිනා, පෙන්සල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්ත පහ වැඩිම රෝගීන් වාර්තාකර තිබේ.එළඹෙන අඟහරුවාදා (03) ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර මැතිවරණයට දින තුනක් තිබියදී ආසාදිතයන් සීඝ්‍රලෙස වැඩිවීම බරපතල ගැටලුවක් වනු ඇතැයි ද රොයිටර් පුවත්සේවය පෙන්වා දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!