27.4 C
Galle

බිලියන 145ක බැඳුම්කර නිකුත් කිරීමක් හෙට සිදුවෙයි

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (29) රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කරන බව නිවේදනය කර තිබේ.

2025, 2028 සහ 2032 වර්ෂවල දී කල් පිරෙන ආකාරයෙන් කාණ්ඩ තුනක් යටතේ එම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට සූදානම් කර ඇත. 2025 දී කල් පිරෙන ලෙස රුපියල් මිලියන 40,000ක බැඳුම්කර නිකුත් කරන අතර 2028 වර්ෂයේ දී කල් පිරෙන ලෙස රුපියල් මිලියන 35,000ක බැඳුම්කර සහ 2032 දී කල් පිරෙන ලෙස රුපියල් මිලියන 70,000ක බැඳුම්කර නිකුත් කිරීමට නියමිතය.

මහ බැංකුව පවසන්නේ මේ සඳහා ප්‍රාථමික අළෙවිකරුවන්ගෙන් ලංසු කැඳවන බවයි. එම ලංසු ඉදිරිපත් කිරීම විද්‍යුත් ක්‍රමයට සිදුවෙයි.

Related articles

Recent articles

error: Content is protected !!