24.5 C
Galle

ශාසන විරෝධී භික්ෂූන් ගැන තීරණ ගැනීමේ බලය මහා නායක හිමිවරුන්ට

Published:

ශාසන විරෝධීව කටයුතු කරන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට පැවරෙන බව අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ කියති.

ඒ හිමියන් මේ ව ප්‍රකාශ කළේ ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට ඊයේ (09) එක් වෙමිනි.

එම පනත් කෙටුම්පතේ යෝජිත නව සංශෝධන මගින් මෙම බලය හිමිවන බව ද එහි දී උන්වහන්සේ පෙන්වා දුන්නේය.

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවක් පනත් කෙටම්පත් සඳහා ඉදිරි පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනවාට මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කිසියම් නිකායක හෝ පාර්ශවයක සංඝ සභාව විසින් ගනු ලබන තීරණයකට අනුව කිසියම් භික්ෂුවක විසින් කටයුතු නොකරන අවස්ථාවේ දී අදාළ සංඝ සභාවේ තීරණය බලාත්මක කරවීමට නීතිමය ප්‍රතිපාදන ද හිමිවෙයි.

Related articles

Recent articles

error: Content is protected !!