27.9 C
Galle

LOLC සමාගම එක් දිනක දී රුපියල් බිලියන 10කින් ඉහළට

Published:

එල්ඕඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි එම සමාගමේ සියලු කොටස්වල වටිනාකම එක් දිනක දී රුපියල් බිලියන 10කින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත. අද දින‍ය තුළ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි එල්ඕඑල්සී සමාගමේ කොටසක් රුපියල් 21.75 කින් ඉහළ ගිය අතර එය රුපියල් 447.00ක් බවට පත්විය. එල්ඕඑල්සී සමාගම් සමූහය තම විදෙස්ගත සමාගම් හරහා උපයන විදේශ විනිමය හේතුවෙන් එහි කොටස් මිල දිගින් දිගටම ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව විශ්ලේෂකයෝ මත පළ කරති.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 16,430ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,978 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 35 ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,938ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 748
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 219
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 131

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 48
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම 09%
  • බේරුවල රිසෝට් සමාගම 07%
  • සිලෝන් ඉන්වෙස්ට්මන්ට් සමාගම  06%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 1.75ක් රුපියල් 51.00 බැගින්
  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 35.94ක් රුපියල් 15.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 373
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 212
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 47ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 118ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 71ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 35
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 08
  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 102
  • ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 7.4
  • ගෝල්ෆේස් කැපිටල් සමාගම රුපියල් මිලියන 3.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!