29.4 C
Galle

ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස්වලට හොඳ ඉල්ලුමක්. කොටස් මිල 12%කින් වැඩි වෙයි. පිරිවැටුම මිලියන236

Published:

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකුණන බවට පුවතක් ප්‍රචාරයවීමත් සමඟ අද (21) දිනයේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලදී ගැනීමට විශාල උනන්දුවක් දක්නට ලැබිණි. ඒ අනුව අද කොටස් වෙළඳ පොළ ගනුදෙනුවල දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක වටිනාකම 12%5කින් වැඩි වූ අතර අද දිනයේ ගනුදෙනු වූ කොටස්වල වටිනාමක රුපියල් මිලියන 236කි. අද කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී වැඩිම පිරිවැටුමක් වාර්තාකළ සමාගම වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 21,83ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,477ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,604ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 236
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 123
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 119

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 17
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 06
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 12%
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම 12%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 265
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 199

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 70ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 48ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 22ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 18
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 12
  • සියාරා කේබල් සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 14
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 8.7
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 8.2

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!