29.4 C
Galle

විකුණනවා කියූ ටෙලිකොම් සමාගම, වටිනාම සමාගම් අතර තුන්වැනි තැනට නගී

Published:

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ප්‍රචාරයවීමත් සමඟ ටෙලිකොම් සමාගමේ කොටස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේය. එම සමාගම සතු කොටස් වලට මේ වනවිට දැඩි ඉල්ලුමක් ද ඇති වී තිබේ.

අද (27) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන්වන විට ශ්‍රී ලංකාව තුළ වැඩිම වත්කමක් සහිත සමාගම් අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තුන්වැනි ස්ථානයට පත්ව තිබිණි. අද ගනුදෙනු අවසන්වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සතු වත්කම් රුපියල් බිලියන 204ක් ලෙස සටහන් වෙමිනි.

ශ්‍රී ලංකාවේ ඉහළම වත්කම් ඇති සමාගම් තුන ලෙස අද දිනයේ පත්ව තිබුණේ පිළිවෙලින් පහත සඳහන් සමාගම් තුනයි.

  1. එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 258
  2. එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 205
  3. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 204

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 14,741  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 871 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 134ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,285  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 82
  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 54
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 53

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 03
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රම්බොඩ ෆෝල්ස් හෝටල් සමාගම 16%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 12%
  • කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝටල් සමාගම කොටස් 772,000ක් රුපියල් 61.00 බැගින්
  • එන්ඩීබී බැංකුව කොටස් 1,200,000ක් රුපියල් 43.00 බැගින්

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 43ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 13ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 30ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 32
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • වින්ඩ්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 07
  • කොලෝනියල් මෝර්ටර්ස් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!