29.4 C
Galle

ඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයන් යළි සේවයේ පිහිටුවයි

Published:

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකත්වය බාරදුන් රාජ්‍ය සේවකයන් නැවත සේවයේ පිහිටුවන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඒ අනුව එම අපේක්ෂකයන් තම ඡන්ද කොට්ඨාසයෙන් පිටත වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත කිරීමට නියමිතය. ඔවුන්ගේ වැටුප් සහ දීමනා ගෙවීමට ද නිර්දේශ ලැබී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

තම සැමියා හෝ බිරිඳ මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් තාවකාලික මාරුවීම් ලැබූ රාජ්‍ය සේවකයන්ට ද නැවත තමන් සේවය කළ ස්ථානවලට පැමිණ රාජකාරී කටයුතු කරගෙන යා හැකි බවත් මේ නිර්දේශ ලබාදුන්නේ මැතිවරණ කොමිසමේ උපදෙස් මත බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!