24.5 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 10,126ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 580ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 67ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,181 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 61
  • සීඩබ්ලිව් මැකී සමාගම රුපියල් මිලියන 31
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 30

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 3.3
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 2.6
  • වැලිබල් පවර් සමාගම කොටස් මිලියන 2.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්‍ස්හෝල් සමාගම 33%
  • එස්එන්බී ලීසිං සමාගම 16%
  • සිලෝන් ටී බ්‍රෝකර්ස් සමාගම 06%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 258
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 40ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 13ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සියාරා කේබල් සමාගම රුපියල් මිලියන 11
  • පිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 08
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 22
  • හේලීස් සමාගම රුපියල් මිලියන 04
  • බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!