25 C
Galle

පාසල් ක්‍රිකට් ශූරතාවයේ පෙරැළියක්, වේල්ස කුමර පරදා මැසිනෝද් ශූරයෝ වෙති

Published:

කඳාන ද මැසිනෝද් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විදයාලය පරාජයට පත්කරමින් අන්තර් පාසල් වයස අවුරුදු 17න් පශළ පළමු කාණ්ඩයේ ශූතරවා දිනාගැනීමට අද (20) සමත්වූයේය.

එම අවසන් මහා තරඟය අද (20) නාරාහේන්පිට එස් කැපිටල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

එහි දී පළමුවෙන් පන්දුවට පහරදුන් ද මැසිනොද් කණ්ඩායම ලකුණු 124කට දැවී ගියේ වේල්ස කුමර විද්‍යාලයට ඉතාමත් පහසු ඉලක්කයක් බවට පරිවර්ථනය කරමිනි. ද මැසිනෝද් කණ්ඩායම වෙනුවෙන් ජනිත් තරින්ද්‍ර ලකුණු 30යි, කවීන් නෙත්මිණ ලකුණු 26යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට හිස එසවීමට කිසිදු අවස්ථාවක් නොදුන් ද මැසිනෝද් ක්‍රීඩකයෝ ඔවුන්ගේ ඉනිම ලකුණු 73කට සීමා කළේ අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් පළමු කාණ්ඩයේ ශූරතාව හිමිකරගනිමිනි.

ද මැසිනෝද් විද්‍යාලය සිය ඉතිහාසයේ අන්තර් පාසල් ක්‍රිකට් ශූරතාවක් දිනූ පළමු අවස්ථාව ලෙස අද තරඟය වාර්තා වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!