25 C
Galle

ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින්, ආසියානු කුසලාන ගමන අරඹයි

Published:

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාවේ තරඟ ආරම්භ කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  ඊයේ (31) පැවැති තරඟයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දු ඕවර 42.4ක දී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 164ක් පමණි.

පන්දුවාර 32ක දී කඩුලු 04ක් පමණක් අහිමි ව ලකුණු 127ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමේ මුෂ්ෆිකූර් රහීම් (13) පස්වැනි කඩුල්ල ලෙස මතීෂ පතිරණ විසින් 33 වැනි ඕවරයේ දී දවාගැනීමත් සමඟ බංග්ලාදේශ කණ්ඩායමට නැවත හිස එසවීමට අවස්ථාවක් ලැබුනෙණ් නැත.

බංග්ලාදේශ කණ්ඩයාම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හුසේන් සන්ටෝ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු 127කට මුහුණ දී ලකුණු 89ක් රැස්කළ ද ඔහුට සිය කණ්ඩායම අභියෝගාත්මක ලකුණු පුවරුවක් වෙත කඳවාගෙන යාමට අනෙක් පිතිකරුවන්ගෙන් සහයක් ලැබුණේ නැත.

මතීෂ පතිරණ අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගැනිමින් බංග්ලාදේශ ඉනිම විනාශ කළේය.

ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත. දිමුත් කරුණාරත්න ලකුණු 01කට සහ පැතුම් නිශ්ශංක ලකුණඅ 14කට දැවී ගියේ ලකුණු 15කට කඩුලු දෙකක් අහිමි කරමිනි.  අනතුරුව කුසල් මෙන්ඩිස් ලකුණු 05කට දැවී යනවිට ලකුණු පුවරුවට එක්ව තිබුණේ ලකුණු 43ක් පමණි.

ඒ වනවිට බංග්ලාදේශය තරඟයට කඩාවදිමින් සිටිය ද සිව්වැනි කඩුල්ල සඳහා සධීර සමරවික්‍රම සමඟ එක් වූ චරිත් අසලංක ලකුණු 78ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට තල්ලු කළේය. චරිත් අසලංක පන්දු 92කට මුහුණ දෙමින් එක් හයේ පහරක් සහ හතරේ පහර 05ක් සමගින් නොදැවී ලකුණු 62ක් රැස් කළේය.

සධීර සමරවික්‍රම පන්දු 77 කට මුහුණ දෙමින්, හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය.

බංග්ලාදේශ ඉනිම බංග්ලාදේශ පිල ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 164

නජ්මුල් හුසේන් සන්ටෝ 89, තවුහිට් හිඩෝයි 20, මොහොමඩ් නයීම් 16,

මතීෂ පතිරණ 32/4, මහීෂ් තීක්‍ෂණ 19/2

ශ්‍රී ලංකා පිල ඕවර 39 කදී කඩුලු 5 ට 165

චරිත් අසලංක නොදැවී 62,  සධීර සමරවික්‍රම 54, දසුන් ශානක නොදැවී 14,

ශකීබ් අල් හසන් 29/2

Related articles

Recent articles

error: Content is protected !!