24.8 C
Galle

බංග්ලාදේශයට වසර 11කට පසු ලැබුණු සුපිරි ජය

Published:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට තමන්ට කිසිදු අවස්ථාවක් නැතැයි දැන සිටිය ද වසර 11කට පසු ආසියානු කුසලාන තරඟාවලියක දී ඉන්දියාව පරාජය කිරීමට බංග්ලාදේශය ඊයේ (15)සමත්විය.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති මෙම තරඟය ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරඟයයි. ඊයේ තරඟය ආරම්භවීමටත් පෙර තරඟ දෙකක් බැගින් ජයගෙන සිටි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට (17) පැවැත්වෙන අවසන් මහා තරඟයට කල්වේලා ඇතිව ම සුදුසුකම් ලබා තිබිණි.

මෙම පරාජය මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ දී ඉන්දියාව ලැබූ පළමු පරාජයයි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ගොස් ලකුණු 256ක් ලබාගත් අතර ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.5ක දී ලකුණු 259කට සියලු දෙනා දැවී ගියේ බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 06ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

බංග්ලාදේශ කණ්ඩායම

පන්දුවාර 50 ට 265/8 (ශකීබ් අල් හසන් 80, ටොව්හිඩ් හිඩෝයි 54, නසුම් අහ්මඩ් 44, මෙහෙදි හසන් නොදැවී 29, මොහොමඩ් සාමී 32/2, ශර්දුල් ඨාකූර් 65/3)

ඉන්දීය කණ්ඩායම

පන්දුවාර 49.5 කදී 259

(ෂුබ්මන් ගිල් 121, කේ. එල්. රාහුල් 19, සූරියකුමාර් යාදේව් 26, අක්ෂර් පටෙල් 42, ටන්ෂීම් හසන් සකීබ් 32/2, මුෂ්ෆිකුර් රහමන් 50/3, මෙහෙදි හසන් 50/2)

Related articles

Recent articles

error: Content is protected !!