26 C
Galle

ශ්‍රී ලංකා නායකත්වය, කුසල් මෙන්ඩිස්ට

Published:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

ලෝක කුසලාන තරඟාවලියේ දී උපනායකයා ලෙස කටයුතු කරමින් සිටි කුසල් මෙන්ඩිස් නායකත්වයට පත්කර ඇත්තේ ආබාධයක් හේතුවෙන් නායක දසුන් ශානකට සති තුනක කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකිවීම හේතුවෙන් ආපසු ලංකාවට එවීම හේතුවෙනි.

මීට පෙර එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරඟාවලියේ දී නායකයා ලෙස කටයුතු කරමින් සිටි මාවන් අතපත්තු දිගින් දිගටම අසාර්ථක වීම නිසා ඔහුට ආබාධයක් ඇති බව පවසමින් එවකට උපනායක වූ මහේල ජයවර්ධනට නායකත්වය පැවරිණි. ඉන් පසු ඔහු දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කර තිබේ.  

Related articles

Recent articles

error: Content is protected !!