27.4 C
Galle

ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

Published:

ලෝක කුසලාන තරඟාවලියේ දී පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (21) සමත්විය. ඒ ලක්නව් එකානා ක්‍රීඩාංගණයේ දී නෙදර්ලන්තය කඩුලු 05කින් පරාජයට පත්කරමිනි.

මේ දක්වා සහභාගී වූ තරඟ 04කින් මෙම තරඟය පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 09 වැනි ස්ථානයට පත්ව සිටියි.

අද (21) පැවැති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 49.4ක දී සියලු දෙනා දැවී ලකුණු 22ක් ලබාගත්තේය. මැක්ස් ඔඩවුඩ් 16, කොලින් ඇකර්මන් 29, ස්කොට් එඩ්වඩ්ස් 16, සිබ්‍රැන්ඩ් එන්ගල්බ්‍රෙච් 70, ලොගන් වෑන් බීක් 59 කසුන් රාජිත 50/4, ඩිල්ෂාන් මධුසංඛ 49/4 ලෙස කඩුලු දවා ගත්හ.

මෙම ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවසන් පන්දුවාරය තෙක් පිටියේ සිටීමට සිදුවීමෙන් තරඟය තියුණු අවසානයකින් යුතු විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2ක දී ලකුණු 263ක ඉලක්කය සපුරාන්නා විට කඩුලු 05ක් දැවී ගොස් තිබිණි.

සධීර සමරවික්‍රම එහි දී පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 07 සමඟ නොදැවී ලකුණු 91ක් ලබාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක 54ක් සහ චරිත් අසලංක ලකුණු 44ක් රැස් කළහ. ධනංජය ද සිල්වා ලකුණු 30කි.  ආරයන් ඩට් 44/3 කි.

Related articles

Recent articles

error: Content is protected !!