ලෝක කුසලාන තරඟාවලියකට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධයට ලක්වූ ලැයිස්තුවට ඊයේ (21) මහීෂ් තීක්ෂණ එක්ව තිබේ.
නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරඟය අතරතුර ඔහු ආබාධයට ලක්ව තිබේ.
බොහෝ විචාරකයන් පවසන්නේ එක් තරඟාවලියක් අතරතුර වැැඩිම ක්‍රීඩකයන් පිරිසක් ආබාධයට ලක්වී වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ආදේශ කිරීමට සිදුවූ කණ්ඩායමේ ලෝක වාර්තාව ශ්‍රී ලංකාව විසින් ලබාගනු ඇති බවයි.
අද (22) මහීෂ් තීක්ෂණ සම්බන්ධයෙන් කරනු ලබන වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි තරඟ සඳහා ඔහුට සහභාගී වීමට හැකියාව තිබේ ද යන්න තීරණය කිරීමට නියමිතය.


