27.4 C
Galle

දසුන් ගේ ඉරණම ගැන හෙළිදරව්වක්

Published:

ආබාධිත බව පවසමින් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කළ දසුන් ශානක නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන ඒමට නොැකි බව ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ සාමාජික රසල් ආනල්ඩ් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ වෙනත් ක්‍රීඩකයකු ආබාධයට ලක්වුවහොත් දසුන්ට නැවත කණ්ඩායමට එක්විය හැකිද යනුවෙන් හිටපු නායක සනත් ජයසූරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එසේනම් ඇයි තවමත් ඔහු ඉන්දියාවේ තියාගෙන ඉන්නේ යැයි ඇසූ විට රසල් ආනල්ඩ් කියා සිටියේ ස්ථිර වශයෙන් ම දසුන්ගේ ලෝක කුසලාන තරඟ අවසන් බවයි. ඔහු ඉන්දියාවේ තවදුරටත් රඳවා තබාගැනීම තමන්ට අදාල නොවන බව ද රසල් කීවේය.

ඔහු පෙන්වා දෙන්නේ හිතුමතේට ක්‍රීඩකයන් එළියට යන්නත් ඇතුළට එන්නත් නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් අයිසීසී නීති ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.  

Related articles

Recent articles

error: Content is protected !!