27.4 C
Galle

මැතිව්ස්ගෙන්, බිඳදැමිය නොහැකි ලෝක වාර්තාවක්

Published:

 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) ඉන්දියාවේ දිල්ලි හි දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී ඇන්ජලෝ කිසිදා කිසිවෙකුට බිඳිය නොහැකි ලෝක වාර්තාවකට තම නම ඇතුළත් කරගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 04 වැනි කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම දැවීයාමෙන් පසු පිටියට පැමිණි ඇන්‍ජලෝ මැතිව්ස් රැගෙන විත් තිබූ හෙල්මටය එක් පටියක් කැඩී ගිය එකකි. දඟ පන්දු යවන්නකු පන්දු යවමින් සිටිය දී හෝ එම හෙල්මටය පසෙකින් තබා පළමු පන්දුවට පහර නොදුන් ශ්‍රී ලංකා හිටපු නායකයා එම හෙල්මටය වෙනුවට ක්‍රීඩාගාරයෙන් වෙනත් හෙල්මටයක් ඉල්ලා සිටියේය.

පිටියට පිවිසි පිතිකරුවකු පළමු පන්දුවට පහරදීමේ කාලය ඒ වනවිට ඉක්ම ගොස් තිබූ බැවින් විනිසුරුවරයා ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ 05 වැනි කඩුල්ල ද දැවී ගියේය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මේ වරදට හසුව දැවී ගිය ප්‍රථම ක්‍රීඩකයා වීමේ වාර්තාව ඇන්ජලෝ මැතිව්ස් හිමිවිය.

Related articles

Recent articles

error: Content is protected !!