27.9 C
Galle

ධනුෂ්ක, යළි ක්‍රිකට් පිටියට

Published:

ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක දේශීය තරඟ ක්‍රීඩා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය අවස්ථාව ලබා දී තිබේ.

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා එස්එස්සී කණ්ඩායම නියෝජනය කරමින් හෙට (23) සිට ඔහු නැවත ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇත.

ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කළායැයි චෝදනාවට ලක්වී නිදොස් කොට නිදහස් කෙරුණු ධනුෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා කටයුතු කළේය.

එස්එස්සී ක්‍රීඩා සමාජය විසින් දේශීය තරඟ ක්‍රීඩාකිරීම සඳහා ඔහුට පනවා තිබූ තහනම ඉවත් නොකිරීම හේතුවෙන් මෙතෙක් ඔහුට දේශීය තරඟ ක්‍රීඩාකිරීමට අවස්ථාව ලැබුණේ නැත. එම ක්‍රීඩා සමාජයේ සභාපති සමන්ත දොඩන්වෙළ පවසන්නේ විනය කමිටුවක් මගින් පැවැත්වූ පරීක්ෂණයකින් අනතුරුව ඔහුට පනවා තිබූ තහනම ඉවත්කරන ලද බවයි

Related articles

Recent articles

error: Content is protected !!