ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව සන්ධානයක් ගොඩනැගීම සඳහා විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල විරුද්ධ නැතැයි ද IMF කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගෙඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ එක්විය යුතුයැයි ද වාසුදේව නානායක්කාර පවසයි.
උත්තර ලංකා සන්ධානය නමින් ගොඩනගාගත් දේශපාලන පක්ෂය මේ වනවිට දෙදරා ගොස් තිබේ. එවැනි තත්වයක් තුළ එහි සාමාජිකයකු වන වාසුදේව නානායක්කාර මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
රටේ ජනතාව IMF කොන්දේසි හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවත් පවසන වාසුදේව නානායක්කාර, එය පරාජය කරනවා හැර වෙනත් කිසිම දේශපාලනයක් තිබිය නොහැකියැයි ද පවසයි.
ඔහු පවසන්නේ IMF කොන්දේසිවලට විරුද්ධව කටයුතු කරන දේශපාලන කඳවුරේ වැඩිම ජන ප්‍රසාදයක් දිනා ඇති පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බැවින්, ජනතාවාදී දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ජනතා විමුක්ති පෙරමුණන, පෙරමුණ ගත යුතු බවත් විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල දෙදෙනා ද ඊට වීරෝධයක් නොදක්වන බවත් වාසුදේව නානායක්කාර වැඩිදුරටත් කීවේය.


