29.4 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට එරෙහි වාරණයක්

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව, කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (15) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක සහ කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති අනුර වීරසිංහ විසින් ශම්මි සිල්වා  හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත දෙදෙනාට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන්  ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ  දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවක් කරමින් හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීතිවිරෝධීව අත්හිටුවා ඇති විත්තිකාර සභාපතිවරයා අනීතිකව හා අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම විනය පරීක්ෂණය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර විත්තිකරුවන්ට  ලබන 29 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය 

Related articles

Recent articles

error: Content is protected !!