29.4 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ, ජයකෙහෙළි නංවති

Published:

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (28) ආසියානු කාන්තා විස්සයි 20 ක්‍රිකට් ශූරතාව හිමිකරගත්තෝ ය.

ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ආසියානු කුසලානය දිනාගත් පළමු අවස්ථාවයි. මීට පෙර අවස්ථා 05ක දී කාන්තා කණ්ඩායම ආසියානු අනුශූරතවා දිනාගෙන තිබිණි.

අද තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 165ක් රැස් කළේය. ආරම්භක පිතිකාරිනී ස්මිරති මන්දනා පන්දු 47කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 60ක් රැස්කරමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභිනිය බවට පත්වූවා ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ‍යේ දී ම විෂ්ම ගුණරත්න ලකුණු එකක් ලබා සිටිය දී දුවද්දී දැවී ගිය ද නායිකා චමරි අතපත්තුට එක් වූ හර්ෂිකා සමරවික්‍රම ලකුණු 94ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා සිටිය දී චමරි අතපත්තු ලකුණු 60කට දැවී ගියාය. ඉන් අනතුරුව පිටියට පිවිසි කවීෂා දිල්හාරි සහ හර්ෂිකා සමරවික්‍රම දෙදෙනා ඉනිමේ පන්දු 08ක් ම ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළාය. හර්ෂිකා සමරවික්‍රම ලකුණු 69ක් නොදැවී ලබාගත් අතර කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30ක් ලබා සිටියාය.

Related articles

Recent articles

error: Content is protected !!