24.5 C
Galle

නවසීලන්තයට පහසු ජයක්

Published:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර අද (30) පැවැති දෙවැනි විස්සයි 20 තරඟයේ දී ලකුණු 45ක පහසු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තවත් තරඟයක් ඉතිරිව තිබිය දී ම තරඟාවලිය ජයගත්තේය.

පළමු තරඟයේ දී මෙන් ම අද තරඟයේ දී ද කාසියේ වාසිය දිනගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 තුළ දී කඩුලු 05ක් දැවී ලකුණු 186ක් රැස්කිරීමට සමත් විය. නවසීලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ මාක් චැප්මන් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර ටිම් රොබින්සන් හා මිචෙල් හේ ලකුණු 41ක බැගින් ලබාගත්තේ ය.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. මීට අමතරව නුවන් තුෂාර සහ මතීෂ පතිරණ අතර එක් කඩුල්ල බැගින් බෙදී යන ලදී.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1 ක දී සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 48ක් රැස්කළ අතර පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස්කළේය. 

සුපිරි පන්දු යැවීමක නිරත වු ජෙකබ් ඩෆී ලකුණු 15කට කඩුලු 4ක් බිඳ දමමින් ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු බවට පත්වූයේ ය. අද තරඟයේ දී ද පළමු තරඟයේ දී මෙන් පසුපෙළ පිතිකරුවන් ඉතාමත් අසාර්ථක විය.

Related articles

Recent articles

error: Content is protected !!