27.4 C
Galle

2025 දී රජයේ වියදම් මෙන්න

Published:

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 01 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 4,616ක් ලෙස ඇස්තමේන්තුගත තිබේ.

අගමැතිනි හරිනි අමරසූරිය විසින් මෙම විසර්ජන කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම පනත් කෙටුම්පතට අනුව වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ,  මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතට වන අතර එය රුපියල් බිලියන 713කි.

2025 වර්ෂය සඳහා පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 2,518ක් ද මූලධන වියදම ලෙස රුපියල් මිලියන 354 ක් ද ඇස්තමේන්තු ගත කර ඇත.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා රුපියල් මිලියන 412 එම අමාත්‍යංශ සඳහා ඇස්තමේන්තුගත මූලධන වියදම රුපියල් මිලියන 95,500ක් ද වනවා.

Related articles

Recent articles

error: Content is protected !!