26.7 C
Galle

ගුරු, විදුහල්පතිවරුන්ට සුබ පණිවිඩයක් ?

Published:

ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන් ක් ඉහළම වැටුප් තලයන් 10 අතරට ගෙන එන බව ගුරු වෘත්තීය සමිති නායකයකු වූ වත්මන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ රැස්වීමකට එක්වෙමිනි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ අධ්‍යාපක ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ඉවත්කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

ඔහු මෙ‍සේ ද කීවේය.

“අපි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. ඒ වගේ ම ගුරු වැටුප් විෂමතා ඉවත්කරන්න අපි මූලික සාකච්ඡා දැනටමත් සිදුකරමින් තිබෙනවා. ගුරු විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු උපදේශක කියන තනතුරු ඉහළම වැටුප් තල 10 අතරට ගෙන එන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා මේ සේවාවන් හි ගුණාත්මක බව වැඩි දියුණු කරන්න ඕනේ.”

Related articles

Recent articles

error: Content is protected !!