පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජයෙන් වාහනයක් ලබාදීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඉදිරියේ දී කිසිදු මන්ත්‍රීවරයකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවත්, ඔවුන්ට තම කටයුතු කරගැනීම සඳහා වාහනයක අවශ්‍යතාව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය වාහනයක් රජයෙන් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීම සිදුකෙරිණි. එම වාහන ආනයන බලපත්‍රය ඇතැම් මන්ත්‍රීවරු තම හිතවතුන්ට අළෙවි කළ අතර තවත් පිරිසක් වාහනයක් ගෙන්වාගෙන ඒවා භාවිතා කළහ. එම වාහන නඩත්තු කිරීම, රක්ෂණය කිරීම ආදී සියල්ල සිදු කෙරුණේ ඒ ඒ පුද්ගලයන් විසිනි.
මෙවර රජය ගෙන ඇති තීරණය අනුව සිදුවන්නේ රජයෙන් සුඛෝපභෝගී වාහනයක් මන්ත්‍රීවරුන්ට ලබාදීමයි. එලෙස ලබාාදෙන වාහන සඳහා බලපත්‍ර ලබාගැනීම්, රක්ෂණය කිරීම සහ නඩත්තුව ආදී සියලු කටයුතු රජයෙන් ම සිදුකරනු ඇත.


