29.4 C
Galle

හඳුනානොගත් රෝගයකින් මරණ 17ක්, ගමක් ලොක්ඩවුන්

Published:

ඉන්දියාවේ, ජම්බු හා කාශ්මීර් කලාපයේ රාජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානයේ පුද්ගලයන් 17 ‍ දෙනකු හඳුනානොගත් රෝගයකින් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රෝගය තවදුරටත් පැතිරයාම පාලනය කිරීමේ අරමුණින් ඔවුන්ගේ පවුල් සමඟ සම්බන්ධතා පැවැත්වූ 200කට අධික පිරිසක් රාජෝරි වෛද්‍ය විද්‍යාල රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.  

මියගිය පුද්ගලයන්ගේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ මොළයට සහ ස්නායු පද්ධතියට හානි සිදුව තිබීමයි.

මරණ ව‍ාර්තා වූ බඩාල් ගම්මානය මේ වනවිට නිරෝධාය කලාපයක් ලෙස නම් කර ඇති අතර එම ප්‍රදේශයේ පොදු සහ පුද්ගලික රැස්වීම්, සාද පැවැත්වීම සියල්ල තහනම් කර  තිබේ.

මරණ සිදු වූ සියලු නිවෙස්වලට මුද්‍රා තබා ඇත.

රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ අවසරයකින් තොරව පවුල්වල සමීප සාමාජිකයින්ට පවා මෙම නිවාසවලට ඇතුළුවීම තහනම් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!