27.4 C
Galle

ඉන්දුනීසියාවෙන් පොල් ගෙන්වයි?

Published:

වත්මන් පොල් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවෙන් පොල් නිෂ්පාදන ආනයනය කිරීමට අපේක්ෂා කරන බව වාර්තාවේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ.වී. සමන්ත විද්‍යාරත්න ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර එය පොල් නිෂ්පාදන ආනයනය කිරීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග යළි තක්සේරු කිරීම හේතුවෙන් ප්‍රමාද විය.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කළේ, ඉන්දුනීසියාවෙන් ප්‍රධාන වශයෙන් ආනයනය කෙරෙන පොල් ආශ්‍රිත නිෂ්පාදන වන පොල් කුඩු සහ පොල් කිරි ආනයනය කිරීම සඳහා අදාළ කොන්දේසි පිළිබඳව අධ්‍යයනයක් කිරීමට නිළධාරීන් පත්කිරීමට කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇති බවයි. කෙසේ වෙතත් සාකච්ඡා කිහිපයකින් පසු පොල් ආනයනය පිළිබඳ අධ්‍යයනය මේ වන විට කැබිනට් පත්‍රිකාවෙන් අත්හැරීමට නියමිතයි.

“පර්යේෂණවලට අනුව පොල් නිෂ්පාදන ආනයනය කිරීමට සුදුසුම රට ඉන්දුනීසියාවයි” රණතුංග මහතා පැවසීය.

අවශ්‍යතා අනුව පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට තනි නිෂ්පාදකයන්ට අවසර දෙන බවද සභාපතිවරයා පැවසීය. මුළු පොල් ගෙඩි මිලියන 200කට සමාන පොල් නිෂ්පාදන ආනයනය කිරීමට නියමිතය.

පොල් නිෂ්පාදන ආනයනය ඇතුළත් නව කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!