24.5 C
Galle

සනත්, පරාජයට හේතු කියයි

Published:

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ශ්‍රී ලංකාව අන්ත පරාජයක් අත්කරගත්තේ පිතිකරුවන්ගේ වගකීමක් නොමැති පිතිහරඹය නිසා බව ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.

ඊයේ (01) තරඟය අවසන් වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී හෙතෙම මේ බව කියා සිටියේය.

මේ විකට් එක අමරු එකක් නෙවෙයි. පීඩනය තියෙන වෙලාවට ඒක පාලනය කරගෙන විශ්වාසයක් ඇතිව පන්දුවට පහරදෙන්න පිතිකරුවන් දැනගන්න ඕනේ. ටෙස්ට් ක්‍රිකට් කියන්නේ ඒකට ම ආවේණික තරඟ රටාවක්. දින පහක කාලයක් තරඟ කරද්දී අපිිට එක එක තත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ තත්වයන් අපි පාලනය කරගන්න දැනගන්න ඕනේ. පන්දුවට පහරදීම වර්ධනය වෙන්න ඕනේ. හොඳ පිතිකරුවන් අපිට ඉන්නවා. ඒ නිසා අපිට පිළිගන්න සිදුවෙනවා මේ අය හොඳින් පන්දුවට පහරදුන්නේ නෑ කියලා. ලොකු ලකුණු ගණනකට යන්නේ කොහොම ද කියලා පිතිකිරුවන් දැනගන්න ඕනේ. මේ විකට් එක හොඳ විකට් එකක්. අමාරු විකට් එකකනම් මම ඇවිත් කියනවා මේක අමාරු විකට් එකක් පන්දු යවන්නන් හොඳට පන්දු යවනවා කියලා. නමුත් මේක එහෙම නෑ. මම හිතනවා ඊළඟ තරඟයේ දී මේ අඩුපාඩු හදාගෙන තරඟ කරාවි කියලා.”

Related articles

Recent articles

error: Content is protected !!