27.9 C
Galle

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රථම වරට නිදහස් සැමරුමට සහභාගි වෙලා; ගයන්ත කියයි

Published:

ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපී) සහ ජාතික ජන බලවේගය (එන්පීපී) පළමු වරට නිදහස් දින සැමරුමට සහභාගී වී ඇති බව පෙනෙන්නට ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අද (04) පැවසීය.

“අපි සෑම විටම නිදහස් දින සැමරුම්වලට සහභාගී වූයේ එය අපගේ යුතුකමක් ලෙසයි. විපක්ෂයේ සිටියදී කිසි විටෙකත් නිදහස් දින සැමරුම්වලට සහභාගී නොවූයේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ය. ඔවුන් පළමු වරට නිදහස් දින සැමරුම්වලට සහභාගී වී ඇති බවක් පෙනෙන්නට තිබුණි,” මන්ත්‍රීවරයා පැවසීය.

අද නිදහස් චතුරශ්‍රයේ පැවති නිදහස් දින සැමරුම් උත්සවයට විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, චමින්ද්‍රානි කිරිඇල්ල, වී.රාධක්‍රිෂාන්, රවී කරුණානායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එක්ව සිටියා.

Related articles

Recent articles

error: Content is protected !!