27.9 C
Galle

අතුරුදන් වූ යානයේ සුන්බුන් හමුවෙයි

Published:

ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දී පසුගිය බ්‍රහස්පතින්දා අතුරුදන් වූ කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි.

පුද්ගලයන් 10 දෙනකු සහිතව පියාසර කරමින් තිබූ මෙම මගී යානය ඇලස්කා ප්‍රාන්තයේ තෝම් නගරයට ආසන්න හිම සහිත කඳුකර ප්‍රදේශයක දී අතුරුදන්ව තිබිණි.

මුදවාගැනීමේ කණ්ඩායම් සඳහන් කර ඇත්තේ ගුවන් යානයේ නියමුවා ඇතුළු සියලු දෙනා මියගොස් ඇති බවයි. මියගිය පුද්ගලයන් තිදෙනකුගේ මල සිරුරු සොයාගෙන ඇත.

බේරින්ග් එයාර් ගුවන් සමාගමට අයත් මේ යානය උනලක්ලීට් ගුවන්තොටුපොළේ සිට නෝම් නගරය දක්වා පියාසර කරමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යානය සෙවීමේ කටයුතු අඩාල වූ බව බලධාරීන් පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!