27.9 C
Galle

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පහකට ස්ථාන මාරු

Published:

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව පෙබරවාරි 12 වන දින සිට මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාරු කර යවන අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාරු කර යවනු ලැබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ. ජයලත් මහතා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට මාරු කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට මාරු කර ඇත.

ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යූපීඒඩීකේපී කරුණානායක මහතා විශේෂ ආරක්ෂක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබේ.

මේ අතර, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් වැඩ භාර ගනිමින්, නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එස්. ද සිල්වා මහතා විශේෂ කාර්ය බලකායේ වැඩබලන අණදෙන නිලධාරී ලෙස මාරු කර යවා තිබේ.

වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී. විජේසේකර මහතා කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම සඳහා මාරු කර යවා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!