27.9 C
Galle

බස් දෙකක් ගැටී හතරදෙනකු මරුට

Published:

කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. 

මෙය සිදුවී ඇත්තේ එක් බස් රථයක් නවතා තිබූ බස් රථයක පිටුපස ගැටීමෙන් වන අතර ඉන් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

මැල්සිරිපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ පිටුපස මාදුරු ඔය සිට කොළඹ දෙසට ධාවනය වූ බසය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මැල්සිරිපුර සිට ගමන් ගත් බසය මගීන් නග්ගවා ගැනීම සඳහා තෝරයායේ නවත්වනවාත් සමගම පිටුපසින් පැමිණි මාදුරුඔය කොළඹ බසය ගැටී තිබේ.

මියගොස් ඇත්තේ මාදුරුඔය කොළඹ බසයේ පා පුවරුවේ ගමන් කළ සිව් දෙනකි. බස් රථ දෙකෙහිම මගීන් තුවාල ලබා තිබේ. ඒ අතරින් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවත් වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාදුරු ඔය කොළඹ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!