27.9 C
Galle

මැතිවරණයට දින නියම කරන්න ඉක්මන් වෙන්න එපා

Published:

පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කිරීමට ඉක්මන් නොවන ලෙස විපක්ෂයේ පක්ෂ කිහපයක සාමාජිකයන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ පෙබරවාරි 17වනදා අයවැය විවාදය ආරම්භ වන බැවින් මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වීම අපහසු වන බවයි. ඉදිරියේ පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ සිංහල හින්දු අළුත් අවුරුද්ද සම්බන්දවද සලකා බලා මැතිවරණ දින නියම කරන ලෙස තමන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් සඳහා විපක්ෂයේ සියලුම පක්ෂවල මහලේකම්වරුන් ඉක්මනින්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවීමට අපේක්ෂා කරන බව ජයසේකර මහතා පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!