27.9 C
Galle

පළාත් පලන ඡන්ද පනත සම්බන්ද ශ්‍රේෂ්ඨාධිකරණ මතය කියයි

Published:

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය. 

ඒ අනුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (2) ඡේදයේ සඳහන් පරිදි පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා වි‍ශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය වෙයි.

කෙසේ වෙතත්, එක් විනිසුරුවරයෙකු එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව තීරණය කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරමින් මේ බව අද දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) නැමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ත්‍රිපුද්ගලවිනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණින.

Related articles

Recent articles

error: Content is protected !!