27.9 C
Galle

යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වෙයි

Published:

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට (JIA) ඊයේ(18) ඉන්දියාවේ චෙන්නායි සිට පළමු වානිජ ගුවන් ගමන පැමිණ තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL) පවසන්නේ මෙය ගුවන් සේවා ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.

මෙම ජයග්‍රහණය කලාපීය ගුවන් සම්බන්ධතාවය වැඩිදියුණු කරන අතර ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ජාත්‍යන්තර සංචාර වැඩි කිරීමට මග පාදන බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL) පැවසීය.  

මෙම සාර්ථක පැමිණීමත් සමඟ, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දැන් ජාත්‍යන්තර වානිජ ගුවන් ගමන් සඳහා නිල වශයෙන් විවෘත වී ඇති අතර, එමඟින් ආර්ථික වර්ධනයට සහ කලාපීය සංචාරක ව්‍යාපාරයට ශක්තියක් ලැබේ.

Related articles

Recent articles

error: Content is protected !!