29.4 C
Galle

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර මාලාවක්

Published:

රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසකට ඊයේ (22) රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාර 267ක් එකවිට එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරවලින් තුවාල ලැබූ හෝ මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත වාර්තා තවමත් ලැබී නොමැති වුව ද සිවිල් වැසියන් රැසක් තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් පවසයි.

මෙම ප්‍රහාර අතරින් 100ක් පමණ වළක්වාගැනීමට හැකි වූ බව ද යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබේ.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කර අද (23) දිනට වසර තුනක කාලයක් සම්පූර්ණවීමට තිබිය දී මෙම ප්‍රහාරය එල්ලවීම විශේෂත්වයකි.

Related articles

Recent articles

error: Content is protected !!