29.4 C
Galle

නළුවෙක්, පවුම් මිලියනයක් වැය කර අනුන්ගේ ණය ගෙවයි

Published:

මයිකල් ෂීන් නමැති හොලිවුඩ් නළුවා තම මුදලින් පවුම් මිලියනයක් වැයකර වෙනත් පුද්ගලයන් 900 දෙනකුගේ ණය ගෙවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එංගලන්තයේ දකුණු වේල්සයේ ණය අපත්පත්කර ගැනීමේ සමාගමක් ආරම්භ කරමින් ඔහු මෙය සිදුකර තිබේ. ඔහු තමන් ආරම්භ කළ එම සමාගම හරහා බැංකු සහ මූල්‍ය සමාගම් සමඟ සාකච්ඡා කරමින් අදාළ ණය හිමියන්ගේ ණ්‍ය තම සමාගම වෙත පවරා ගෙන එම ක්‍රයිවලිය සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙලෙස ආයතනයක් පිහිටුවා ක්‍රමාණුකූලව ණය ගෙවීම් සිදු කරන්නේ තමන්ට නාස්ති කිරීමට මුදල් නොමැති බැවින් බවයි. කෙසේ වෙතත් තමන් ගෙවන්නේ කවර පුද්ගලයන්ගේ ණය ද යන්න පිළිබඳ තමන් නොදන්නා බව ද ෂින් පවසා ඇත.

වර්තමානයේ ජනතාව මුහුන දී සිටින රැකියා අහිමිවීමේ තත්වයන් සහ ආර්ථික අර්බුද හේතුවෙන් ඔවුන් ආතතියෙන් ජීවත්වන බැවින් ඒ සඳහා පිහිටවීම තම අභිප්‍රාය බව ද හෙතෙම සඳහන් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!