24.8 C
Galle

ඉන්දීය ජාතිකයන් පිරිසක් කොළඹ දී අත්අඩංගුවට

Published:

වීසා කල් ඉකුත්වී තිබිය දී අනවසරයෙන් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන ඇත.

රාජගිරියේ කාර්යාල සංකීර්ණයකට වී සිටිය දී මෙලෙස ඉන්දීය ජාතිකයන් 22නකු අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් මීට මාස 03කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි අය බවයි. ඉන් 17 දෙනකු ම පැමිණ ඇත්තේ සංචාරක වීසා ලබාගනිමිනි. තවත් 04 දෙනෙකු නේවාසික වීසා බලපත්‍ර යටතේ ද, එක් අයෙකු ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ ද මෙරටට පැමිණ ඇත.

සැකකටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් හදිසියේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

මොවුන් වයස අවුරුදු 25ත් – 35ත් අතර පසුවන්නන්ය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් පිරිස මේ වනවිට වැළිසර පිහිටි තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටින අතර, ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල්කිරීමට නියමිතව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!