25 C
Galle

“රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝ” මෙරට බිළාල පවුල ගැන දැනගන්න

Published:

රාත්‍රියේ දී වඩාත් ක්‍රියාශීලී වන මේ සතුන් සාමාන්‍ය පුද්ගලයකුට දැක ගැනීමට පහසු නැත. නමුත් ඔවුන් මහා රාත්‍රියේ අප සිටින ඉසව්වේ පවා කාටත් රහසින් සැරිසරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් ආගිය බව දැන ගන්නට ලැබෙන්නේ ඔවුන්ගේ මළපහ සහ අඩි සළකුණු වලින් හෝ ගෘහශ්‍රිතව සිටින සතකු දෙන්නකුගේ අතුරුදන්වීම් වලිනි.

මේ අපූරු සත්තවයෝ සැබැවින්ම රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝය. එලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ වනගත  බිළාල විශේෂ හතරක් දැකිය හැකිය.

ලෝකයේ ම දක්නට ලැබෙන බිළාල පවුලේ සත්ව විශේෂ සංඛ්‍යාව 40කි. ඉන් 04ක් හෙවත් 10%ක් ම ශ්‍රී ලංකාවේ දක්නට ලැ‍බීම මෙරට ජෛව විවිධත්වයේ වටිනාකම තවත් තහවුරු කරන කරුණකි.

කොටියා

This image has an empty alt attribute; its file name is image-1.jpeg
This image has an empty alt attribute; its file name is %E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-2-1024x683.jpg

මෙරට සිටින වනගත බිළාලයන් අතරින් විශාලතම සත්ව විශේෂය වන්නේ කොටියාය. ඇතැම් පුද්ගලයන් දිවියා ලෙස ද හඳුන්වන ශ්‍රී ලංකා කොටියා Panthara padus kotiya ලෙස සත්ව විද්‍යාත්මකව හැඳින්වෙයි.  

කොටියා මෙරට වියළි කාලපීය වනාන්තරවල මෙන්ම තෙත් කලාපීය වනාන්තරවලත් කඳුකර වනාන්තරවලත් ව්‍යාප්ත වී සිටින සත්ව විශේෂයකි. යාල, විල්පත්තුව වැනි වියළි කලාපයේ වනෝද්‍යානවල දී පහසුවෙන් දැකගත හැකි කොටින්ගේ සුප්‍රසිද්ධ දඩබිමක් ලෙස හෝර්ටන් තැන්න වනෝද්‍යානය හැඳින්වීමට හැකිය. නමුත් හෝර්ටන් තැන්නේ දී කොටියකු දැකගැනීම අතිශය දුර්ලභය.

කඳුකර වනාන්තරවල සිටින කොටින් බහුල වශයෙන් තේ වතු ආශ්‍රිත ගම්මානවලට වැඳී බල්ලන්, බළලුන් සහ කුකුළන් වැනි සතුන් දඩයමේ යෙදෙන බැවින්ම ඔවුන් නිතරම මිනිසුන්ගේ ප්‍රහාරයටත් අනතුරුවලටත් මුහුණ දෙති. ඌරන් වැනි සතුන් අල්ලා ගැනීමට අටවන උගුල්වලට සහ කොටියා ඉලක්ක කරගෙනම අටවල උගුල්වලට අසු වී කඳුකර තෙත් කලාපයේ ජීවත්වන කොටි විශාල සංඛ්‍යාවක් පසුගිය වසර කිහිපයේ දී මියයාමෙන් ඒ බව තහවුරු  වෙයි. මේ අතර අතිශය දුර්ලභ කළු කොටියකු ද විය.

හඳුන් දිවියා

This image has an empty alt attribute; its file name is image.jpeg

මෙරට සිටින බොහෝ දෙනකු දන්නා අනෙක් වනගත බිළාල විශේෂය වන්නේ හඳුන් දිවියාය. ඉංග්‍රීසි බසින් Fishing Cat ලෙස හඳුන්වන ඔවුන් Prionailurus viveriinus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුවයි.

හඳුන් දිවියා යනු ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී සිටින සත්ව විශේෂයකි. විශේෂයෙන් ම කොළඹ නගරයේ ද කුඩා තුරු ගොමු අතර ජීවත් වීමට තරම් මේ හඳුන් දිවියන් අනුවර්තනය වී සිටීම විශේෂත්වයකි. වරින් වර කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල දී පවා අනතුරට පත්ව මියගිය හඳුන් දිවියන් වාර්තාවීමෙන් ඔවුන් තවමත් කොළඹ නගරයේ ජීවතවන බව තහවුරු වෙයි.

එයින් පැහැදිළි වන්නේ ඔවුන් නාගරීකරණයට පවා අනුවර්ථනය වී සිටින බවයි. ජලාශ්‍රිත වන ගොමුවලට වඩාත් ප්‍රියතාවක් දැක්වන හඳුන් දිවියෝ මසුන් දඩයම් කිරිමේ අති දක්ෂයෝය. මේ නිසාම ඔවුන්ට ඉංග්‍රීසි බසින් Fishing Cat යන නම ලැබී තිබේ.  තෙත් බිම් ගොඩකිරීම සහ විශාල වශයෙන් සිදුවන ඉදිකිරීම් හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන වේගයෙන් අහිමිවෙමින් පවතී.

නමුත් සත්ව විද්‍යාඥයන් පවසන්නේ පරිසරයේ වෙනස්වීම් අනුව හඳුන් දිවියන් තමන්ට හමුවන ඕනෑම දෙයක් ආහාරයට ගනිමින් ජීවත්වීමට පුරුදුවන බවයි.

වල් බළලා

This image has an empty alt attribute; its file name is %E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%85%E0%B6%BD%E0%B7%8F-2.jpg
This image has an empty alt attribute; its file name is image-3.jpeg

වල් බළලා (Wild cat) සත්ව විද්‍යාත්මකව Felis chaus ලෙස හඳුන්වයි. මොවුන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයට සීමා වූ සත්ව විශේෂයකි. උඩවළව ජාතික උද්‍යානයේ පහසුවෙන් දැකිය හැකි මොවුන් වියළි කලාපයේ පිහිටි අනෙක් ජාතික උද්‍යානවල දී ද දක්නට ලැබෙන සත්ව විශේෂයකි. එමෙන්ම වියළි කලාපයේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන වල් බළලා කොටියා මෙන් දිවා කාලයේ දී ද සැරි සරන සත්ව විශේෂයකි. වියළි කලාපීය වනාන්තර ආශ්‍රිතව දිවෙන මහා මාර්ග හරහා ගමන් කිරීමේ දී රිය අනතුරුවලට ලක්ව මියගොස් සිටින අවස්ථා බහුලව වාර්තාවෙයි.

කොළ දිවියා

This image has an empty alt attribute; its file name is image-2.jpeg
This image has an empty alt attribute; its file name is %E0%B6%9A%E0%B7%9C%E0%B7%85-%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-3-1024x535.jpg

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වනගත බිළාල සතුන් අතරින් කුඩාම සත්ව විශේෂය වන්නේ කොළ දිවියාය. ඉංග්‍රීසි භාෂාවෙන් Rusty spotted Cat ලෙස හඳුන්වන කොළ දිවියා සත්ව විද්‍යාත්මකව Prionailurus rubiginosus ලෙස හඳුන්වනු ලැබේ.

පිදුරුතලාගල කඳු මුදුනේ සිට ශ්‍රී ලංකාවේ සියළුම දේශගුණික කලාප ඔස්සේ වෙරළබඩ තැනිතලාව දක්වාම විශාල ව්‍යාප්තියක් දක්නට ලැබෙන කොළ දිවියා ඉතාමත් දක්ෂ දඩයක්කරුවෙකි. එමෙන් ම ගොවියාගේ මිතුරකු ලෙස සැළකෙන සත්ව විශේෂයකි. වගාබිම්වලට හානි කරන මීයන් වැනි සතුන් විශාල වශයෙන් දඩයම් කරන කොළ දිවියා නිශාචර සත්ව විශේෂයකි. වරින් වර ගම් වැදී කුකුළු පැටවුන් අල්ලාගන්නා අවස්ථා ද වාර්තා වී ඇත. ඊට අමතරව කොළදිවියා කෘමි සතුන් ද විශාල වශයෙන් තම ආහාරවේලට එක්කර ගනී. සර්පයන් අල්ලා ආහාරයට ගන්නා සතකු ලෙස ද ‍කොළ දිවියා ප්‍රකටය සිටියි.

කොළ දිවියකු කෙනෙකුට පහසුවෙන් දැකගත නොහැකි සත්ව විශේෂයකි. වේගයෙන් සංචරණය වන ඔවුන් රාත්‍රී කාලයේ දී දැකීම අතිශය අසීරුය.

ශ්‍රී ලංකාවේ ජීවත්වන වනගත බිළාලයන් පිළබඳ වසර 05කට අධික කාලයක් පර්යේෂණ සිදුකළ විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය තිලක් ජයරත්න මහතා, වෛද්‍ය ජනක ගලප්පත්ති මහතා, වනජීවී පර්යේෂක නදික හපුආරච්චි මහතා සහ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති සත්ව විද්‍යා පර්යේෂක මධුර ද සිල්වා මහතා පසුගිය තම අධ්‍යයනය පදනම් කරගනිමින්, “Phantoms of the night” Wild cats of Sri Lanka නමැති ග්‍රන්ථයක් එළිදැක්වූහ.

එම ග්‍රන්ථයේ මෙරට වනගත බිළාලයන්ගේ අතිශය දුර්ලභ ඡායාරූප රැසක් අන්තර්ගත වෙයි.

මෙරට වනාන්තරවල ජීවත්වන බිළාල විශේෂ 04ම පහසුවෙන් දැකගත නොහැකි බැවින් ම ඔවුන් “රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයන්” හෙවත් මායාකරුවන් ලෙස එම ග්‍රන්ථයේ කතුවරුන් විසින් නම්කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!