24.5 C
Galle

මගීන් 242ක් රැගත් ඉන්දියානු ගුවන් යානයක් කඩා වැටේ

Published:

ඉන්දියාවේ අහමාබාද් සිට ලන්ඩන් වෙත පියාසර කළ මගීන් 242ක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වී ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Air India ගුවන් සේවයට අයත් බොයිං 787 වර්ගයේ ගුවන් යානයකි.

යානය අහමාබාද්හි සර්දාර් වල්ලභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ගුවන් ගත වීමේදී අනතුර සිදුව ඇති අතර එය ගුවන්තොටුපල ආසන්නයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය කඩා වැටීමෙන් පසු ගින්නක් හටගෙන ඇත.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 230ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු සිට ඇති බවයි වාර්තා වන්නේ. යානය අද (12) පස්වරු 1.30ට පමණ ගුවන්ගතවී ඇති අතර ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපල වෙත ගමන් ගන්නා මගීන් පිරිසක් එහි සිට ඇත. කෙසේවුවද අනතුරින් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තහවුරු කළ වාර්තා නිකුත්කර නොමැත.

Related articles

Recent articles

error: Content is protected !!