27.4 C
Galle

රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට, රජය තීරණය කරයි

Published:

රාජ්‍ය ව්‍යවසායයන් 33ක් පියවර දෙකක් යටතේ වසා දැමිය යුතුයැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33කි.

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කාලයකට පෙර පිහිටුවන ලද මෙම රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ දී අපේක්ෂිත ඉලක්කයන් සම්පූර්ණ කරගැනීමට නොහැකිවීම වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ නොගැලපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකිවී ඇති බව ජනාධිපතිවරයා කරන ලද යෝජනාවේ දක්වා ඇත.

එබැවින් මේවා තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන බවත්, මූල්‍ය කාර්යසාධනයක් නොමැති වීමත් හේතුවෙන් අක්‍රිය තත්වයට පත්ව ඇත. එබැවින් එම ආයතන ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට නිසි දායකත්වයක් ලබා නොදෙන බැවින් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාමෙන් වැළකී එම ආයතන වසා දැමීමට යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත්ව වසා දැමීමට අනුමැතිය හිමිව තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!