බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව විභාග වෙමින් ිබූ නඩුවක් තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම නඩුව විභාග වෙමින් තිබුණේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ය. රවී සෙනෙවිරත්න 2023 වර්ෂයේ දී බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී තිබිණි.
තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්කර ඇත.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදෙනු ලැබීය.


