කල් ඉක්ත්වූ කොත්තමල්ලි සහ නීත්‍යානුකූළ නොවන ලෙස ගෙන්වා තිබූ කහ තොගයක් පිටකොටුවේ ගබඩාවක දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
විදේශ රටකින් ගෙන්වූ කහ තොගයක් අළෙවි කරන බවට පාරිභෝගික අධිකාරියේ 1977 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
ඒ අනුව කහ කිලෝ 475ක් අත්අඩංගුවට ගෙන ඇත. පාරිභෝගික අධිකාරිය පවසන්නේ එම කහ තොගය නීත්‍යානුකූල ආනයන කරුවකු නොමැතිව ගෙන්වා ඇති බවයි. එමෙන්ම එහි කල් ඉකුත්වීමේ දින සටහන්ව නොමැති බව ද එම අධිකාරිය පවසයි.
එම ගබඩවේ ම තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 6,500ක් ද තිබූ බවත් එහි සාම්පල රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසයි.
මේ අනුව අදාළ ව්‍යාපාරික ස්ථානයට මුද්‍රා තබා ඇති අතර මේ පිළිබඳ මාලිගාකන්ද අධිකරණයට ද වාර්තා කර ඇත.


