ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසළ දී ඊයේ (04) රාත්‍රී 8.45ට පමණ සිදු වූ බස් අනතුරින් මියගිය පිරිිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ.රූපසේන ඇතුළු සේවකයන් 12 දෙනකු, බස් රථයේ රියදුරු සහ දරුවන් දෙදෙනකු ද සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
බස් රථය අඩි 500ක් පමණ ප්‍රපාතයේ රැඳී ඇති අතර එහි සුන්බුන් ගොඩට ගැනීමට මේ වනවිට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.


