25 C
Galle

වයිරස් සහ හෘදයාබාධ අතර සම්බන්ධයක්. ඔබ සැම අවදානමක

Published:

වයිරස ආසාදන හේතුවෙන් ද හෘදයාබාධ ඇතිවිය හැකි බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටියේ හෘදයාබාධවලට හේතුව අධික කොලෙස්ටරෝල්, දුර්වල ආහාර රටාටව සහ ආතතිය බවයි.

හෘදයාබාධයක් යනු රුධිර කැටි ගැසීමක් හෝ රුධිර නාල අවහිරවීම හේතුවෙන් හදිසියේ ම හෘදයට රුධිර සැපයුම සීමා වන බරපතල හදිසි වෛද්‍ය තත්වයකි.

සෑම වර්ෂයක ම පුද්ගලයන් ලක්ෂ 179ක් පමණ හෘදයාබාධවලට ගොදුරු වී මියයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තුගත කර තිබේ. කිරීටක හෘද රෝග, නොගැලපෙන ආහාර රටාව මෙන් ම දුම්පානය වැනි වෙනස් කළ හැකි ජීවන රටා සාධක ගණනාවක් හෘදයාබාධ අවදානම වැඩිකරන බව බොහෝ කළක සිට තිබූ විශ්වාසයයි.

නමුත් දැන් පර්යේෂකයන් පවසන්නේ හෘදයාබාධ වෛරස් ආසාදන හේතුවෙන් ද ඕනෑම අයකුට ඇතිවිය හැකි බවයි. එය උණ ගැනීම හෝ මුත්‍රා ආසාදන තරමට ම පොදු කරුණක් බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

එක්සත් රාජධානියේ ලක්ෂ 17 දක්වා ජනතාවක් මුත්‍රා ආසාදනවලින් පීඩා විඳිති, ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන් ය. රෝග ලක්ෂණ අතර වැසිකිළියට යන විට දැවෙන මුත්‍රා දැවිල්ල, වෙනදාට වඩා නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව, මුත්‍රාශය හිස් වුව ද තවදුරටත් මුත්‍රා කිරීමට අවශ්‍යයැයි දැනීම එම රෝගවලට ඇතුළත් වේ.

එය බාහිර රෝගී ආසාදනවල වඩාත් සුලබ ආකාරයක් ලෙස සැලකේ, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ එක්සත් රාජධානියේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති මුත්‍රා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 12ක් පමණ විය. 

හෘදයාබාධ පිළිබඳ කර ඇති මෙම නවතම අධ්‍යයනයේ දී , විද්‍යාඥයින් සොයා ගත්තේ, ධමනි තුළ මේද ද්‍රව්‍ය ගොඩගැසීම නිසා හදවතට රුධිර සැපයුම අවහිර වීම නිසා ඇතිවන කිරීටක හෘද රෝග වලදී, කොලෙස්ටරෝල් මගින් වසර ගණනාවක් ශරීරයේ නිද්‍රාශීලීව පැවතිය හැකි බැක්ටීරියා රඳවා තබා ආරක්ෂා කළ හැකි බවයි. 

ෆින්ලන්තයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව , බැක්ටීරියාව රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් සහ ප්‍රතිජීවක වලින් ආරක්ෂා වීමට ආරක්ෂිත ජෛව පටලයක් සාදයි. 

නමුත් යමකු රෝගාතුර වූ විට, වයිරස් ආසාදනයකට ගොදුරු වූ විට, වයිරසයට ජෛව පටලය සක්‍රීය කළ හැකි අතර, බැක්ටීරියා ප්‍රගුණනය කර හානිකර ප්‍රතිචාරයක් ඇති කළ හැකිය. 

අධික දැවිල්ල නිසා හදවතේ ඇති ඵටකවලට හානි සිදුවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාරාන්තික රුධිර කැටියක් ඇති වී අවසානයේ හෘදයාබාධයක් ඇති විය හැක. 

ආසාදනය වැළැක්වීම සඳහා සුදු රුධිරාණු නිෂ්පාදනය වැඩි කරන මෙම හානිකර ප්‍රතිචාරය, පට්ටිකා ලෙස හඳුන්වන රුධිරයේ සෛලවල ඇලෙන සුළු බව වැඩි කරන අතර රුධිර කැටි ගැසීම් ඇති කරයි. 

ෆින්ලන්තයේ ටැම්පෙරේ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු සහ අධ්‍යයන ප්‍රධානියෙකු වන මහාචාර්ය පෙක්කා කර්හුනන් මෙසේ පවසා තිබේ.

“කිරීටක ධමනියේ ඇතිවන රෝග සඳහා බැක්ටීරියා සම්බන්ධ වීම බොහෝ කලක සිට සැක කර ඇත, නමුත් සෘජු සහ ඒත්තු ගැන්විය හැකි සාක්ෂි තිබුණේ නැහැ. අපගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ ඇතර්ස්ක්ලෙරෝටික් ඵලක තුළ මුඛ බැක්ටීරියා කිහිපයකින් ලබාගත් ජානමය ද්‍රව්‍ය – DNA – පවතින බවයි.”

හදිසි හෘදයාබාධයකින් මියගිය රෝගීන් මෙන්ම, හෘද නාල නැවත ගොඩනැගීම සඳහා ප්‍රතිකාර ලබන රෝගීන් පරීක්ෂා කිරීමෙන්, ධමනි පටකවල ජෛව පටල ව්‍යුහයන් හඳුනා ගැනීම සඳහා පර්යේෂණ කණ්ඩායම ප්‍රතිදේහයක් ද වර්ධනය කරන ලදී.

හෘදයාබාධ සඳහා හේතුවක් වනු ඇතැයි මෙතෙක් හඳුනාගෙන සිටි කොලෙස්ටරෝල්, වැරදි ආහාර පුරුදු, ආතතිය, දුම්පානය වැනි හේතු මේ සොයාගැනීමෙන් පසෙකට කිරීමට හෝ නොසළකා හැරීම නොකළ යුතු වුණත් නව උපායමාර්ග සකසා හෘද රෝග අවම කරගැනීම සඳහා නව සොයා ගැනීම ද ඉවහල් වනු ඇති බව පර්යේෂකයෝ කියති.

ඔවුන්ගේ සොයාගැනීම් මගින් පොදු වයිරස් ආසාදනවලට එරෙහිව එන්නත් කිරීමෙන් කිරීටක හෘද රෝග සහ හෘදයාබාධ පවා වළක්වා ගැනීමේ හැකියාව දියුණු කළ හැකි බව පෙනී ගොස් ඇත.  

ඇමරිකානු හෘද සංගමයේ ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද 2018 අධ්‍යයනයක දී , පර්යේෂකයන් නියුමෝනියාව සහ UTI වැනි වයිරස් ආසාදන සහ හෘද රෝග අතර ශක්තිමත් සම්බන්ධයක් සොයා ගත්හ. 

හෘදයාබාධයකින් හෝ වෙනත් ආකාරයක කිරීටක රෝගයකින් පෙළෙන රෝගීන් 1,300 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන පර්යේෂන කළ විද්‍යාඥයන්, පසුගිය මාස තුන තුළ හෘද රෝගීන්ගෙන් 37% කට පමණ යම් ආකාරයක ආසාදනයක් ඇති බව සොයා ගත්හ. 

අධ්‍යයනයේ වාර්තා වූ වඩාත් සුලබ ආසාදන වර්ගය UTI වේ.  

ස්නායු විශේෂඥවරියක සහ අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂකයකු වන වෛද්‍ය කමක්ෂි ලක්ෂ්මිනාරායන් මෙසේ පැවසුවාය.

“ආසාදනය රුධිරයේ සියුම් ලෙස සකස් කරන ලද සමතුලිතතාවය වෙනස් කිරීමට සහ රුධිර කැටි ගැසීම් ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් ඇති කිරීමට හේතු වන බව පෙනෙනවා. එය රුධිර වාහිනී අවහිර වීමට හේතු වන අතර හෘදයාබාධ හා ආඝාතය වැනි බරපතල සිදුවීම් සඳහා වැඩි අවදානමක් ඇති කරනවා.” 

පසුගිය වසරේ දත්ත මගින් හෙළි වූයේ හෘද වාහිනී ගැටළු හේතුවෙන් සිදුවන අකල් මරණ දශකයකට වැඩි කාලයක් තුළ ඉහළම මට්ටමට පැමිණ ඇති බවයි.

ඒ සමඟම, බැක්ටීරියා ප්‍රතිකාර වලට වඩාත් ප්‍රතිරෝධී වන බැවින්, UTI වැනි වයිරස් ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවක අඩු ඵලදායී වෙමින් පවතින බවට මතය ද වර්ධනය වී ඇත.

එංගලන්තයේ වයස අවුරුදු 40 ට අඩු තරුණ තරුණියන් හෘදයාබාධ සඳහා රෝහල් වෙතින් මගින් ප්‍රතිකාර ලබන ආකාරය ඉහළ යමින් තිබෙන අයුරු ද මීට පෙර අවධාරණය කර තිබුණි.

1960 ගණන්වල සිට වයස අවුරුදු 75 ට අඩු පුද්ගලයින් අතර හෘදයාබාධ, හෘදයාබාධ හා ආඝාත ඇතිවීමේ අවස්ථා අඩු වී ඇත්තේ දුම්පානය කිරීමේ අනුපාතය පහත වැටීම, දියුණු ශල්‍යකර්ම ශිල්පීය ක්‍රම සහ ස්ටෙන්ට් සහ ස්ටැටින් වැනි දියුණු තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම හේතුවෙනි.

Related articles

Recent articles

error: Content is protected !!